
වෙර දී පෑන් තුඩට
ලියන්නට හැකි කිසිවක්
සෙවීය ඔහු දෙනෙත
රදවා අවට
ලෝකයම කැරකී
මොහොතකට නැවතී
තමා දෙස බලැතියි
සිතීය ඔහු
කාලය ඉරා
හෝරා යතුර හැඩලුනි
ලියා තිබුණි එක් දෙයක් කොලය මත
මෙම කඩදාසිය ශ්‍රී ලංකා විබාග දෙපාර්මේන්තුව සතුය
එය පිටතට ගෙන යාම සම්පුර්ණයෙන් තහනම්ය
සුදත් දේව
No comments:
Post a Comment