මම
බලා සිටිමි.
මගේ
දෑස් නොසන්සුන් වෙයි.
මම
නැවතත් දැන්වීම දෙස බලා සිටිමි.
මා
සිටින්නේ 138
කොළඹ
-පිටකොටුව
බස් රථය තුලයි.
මේ
කිරුලපනයි.
බසය
නැවතී ඇත.
කොන්දොස්තර
මල්ලී එක දිගට කෑ ගසයි.
කොටුව
පිටකොටුව-
ටවුන්
හෝල් -කටිටිය
නගින්න..
බසය
නවතා ඇත්තේ ටියුෂන් පොලක්
ලගය. බස්
නැවතුම අසල දැන්වීම් පුවරුව
දෙස මම බලා සිටිමි.
එහි
නාට්‍ය පෝස්ටර් කිපයක් අලවා
ඇත.
සෝමලතා
සුබසිංහගේ විකෘති-
සවස
7ට
ලයනල් වෙන්ඩ් රගහල.
බස්
නැවතුමේ පිරී සිටින කොලු
කෙල්ලන් ඒ දෙස නිකමටවත් නොබලනු
මම දකිමි.
උන්
ජංගම රගහලින් බොත්තම් ඔබමින්
රූප විසුක දස්සන නරඹමින්
සිටිති.
මට
දුකක් දැනෙයි.
මේ
ආදරණීය බාලයන් ගැන දුකක්ම
දැනෙයි.
බසය
ඉදිරියට ඇදෙන්නේ නැතිනම් මම
කැමැත්තෙමි.
එහෙත්
මහරගම -කොළඹ
කන්ථකට ඉස්පාස්වක් නැතිතරම්ය.
රියදුරැ
මල්ලී කන්තකත් පරයා රිය රේස්
කරමින් සිටියි.
මම
සුසුම් ලමි.
බසය
ඉදිරියට ඇදෙයි.
සෝමලතා
සුබසිංහයන්ගේ විකෘති නාටක
පෝස්ටරය මා පසුකර අනෙක් පසට
දුවයි.
මම
හැරී බලමි.
.එහෙත්
මට අනෙක් පසට දුවන්නට සිදුවී
ඇත. මම
මතකය අවුස්සමි.
මට
මිස් මතක් වෙයි.
මිස්ගේ
කතන්දර දෙකක් /විකෘති
/මතක්
වෙයි. මා
එහි රගපෑ පියාගේ රංගනය මතක්
වෙයි.
එවිට
දැස් තෙත් වෙයි.
මම
සියල්ල අමතක කරන්නට වෑයම්
කරමි.එහෙත්
ජල යට තැබූ රබර් බෝලයක් මෙන්
සියල්ල ඉහලට මතුව එයි.
ඒ
1979 වර්ෂයයි.
අපොස-
උසස්
පෙළ හදාරමින් සිටි මා එකල
පදිංචි වී සිටියේ රත්මලානේයි.
රත්මලාන
යනු ගෙන්දගම් නගරයයි.එකල
මට වයස අවුරැදු 16
ක්
වන්නට ඇත.
ඒ
රත්මලානේ පොල් කොට වේදිකාවේ
මැලිබන් හන්දියේ වෙසක් නාටක
බැලූ යුගයයි.
රගපෑමේ
උන්මාදයෙන් සිටි මා එකල බලා
සිටියේ කාගේ හෝ නාටකයක සෙබලකු
වන්නටය.
පාරේ
බිම වැටි තිබු පත්තර කැබැල්ලක
වු අපුරු දැන්විමක් එකල මට
අහුලා ගන්නට හැකිවු අයුරු මට
තවමත් මතකය.
එය
සරසවිය පුවත් පත යැයි මම කල්පනා
කරමි.
දැන්වීම
මෙසේයි.
අළුතින්
ආරමිභ කරන ළමා නාට්‍යක රගපෑම
සදහා ළමුන් අවශ්‍යව ඇත.
මේ
සදහා කැමැති දරැවන්ට
සම්මුඛ
පරීක්ෂණයක් ...දින
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා
ශාලාවේදී පැවැත්වේ.
මාපියන්
සමග පැමිණෙන්න.
තව
යමක් එහි තිබුනද මට එය මතක
නැත. එහෙත්
සෝමලතා සුබසිංහ යන නාමය නම්
හොදහැටි මතකය.
පස්වනක්
ප්‍රීතියෙන් පිනාගිය මම වහා
ගෙදර දිව ගියෙමි.
සම්මුඛ
පරීක්ෂණය පැවැත්වෙන දිනය
අදය. මා
එහි යා යුතුය.
එහෙත්
මාපියන් සමග යන්නේ කෙසේදැයි
යන්න බලවත් ගැටළුවකි.
නාටක
නටන්නට ගෙදරින් නම් අවසර නැත.
එහෙත්
මා යා යුතුය.
මම
ඇද සිටි කොට කලිසම පිටින්ම
ගමන ඇරඹුවෙමි.
මුදල්
ඉල්ලීමට කිසිවෙකු නැත.
ඉල්ලුවේ
නම් අම්මා දෙනු ඇත.
එවිට
ඇත්ත කියන්නට සිදුවෙයි.
එහිදි
මගේ ගමනට රතු ඉර වැටෙනු ඇත.
එබැවින්
මම කොල ඉර දමාගෙන රත්මලානේ
සිට වැල්ලවත්තට පයින්ම ගමන
ඇරඹුවෙමි.
රාමක්‍රිෂ්ණාවේ
සමීප ශාලාවක ළමා දරු දැරියන්
පිරී සිටිනු මට පෙනෙයි.
ඔවුන්
ළමුන්ද යොවුන් වුන් දැයි සිතා
ගත නොහැකි තරම්ය.මට
වඩා වයසින් වැඩි අයද ඒ අතර
සිටිනු මම දකිමි.
කිසිවකු
එක් එක් අය කාමරයකට කැදවයි.
මගේ
වාරයද එයි.
මම
දැස්පියාගෙන කල්පනා කරමි.
මා
මෙහිදි කුමක් කල යුතුද ?
පාසලේ
සාහිත්‍ය සංගමයේ කවිකාර හයියකු
වූ බැවින් කවක් කියා මට සමත්
විය හැකිද ?
නොඑසේ
නම් සැමට හොරෙන් විජිතා සිනමාහලේ
නැරඹූ ටෝනි රණසිංහයන්ගේ රංගනය
හොරකම් කර යළි රගන්නද?
මගේ
හිත සසල වෙයි.
මම
සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙමි.
සෝමලතා
සුබසිංහයන්ව මා මුල්වරට දුටුවේ
එදාය.
ලාදුඹුරු
කුර්තාවකින් සහ දිග කලිසමකින්
සැරසි සිටි ඇය මා දෙස මොහොතක්
බලා සිටියාය..
මොකද්ද
පුතාගේ නම-
සුදත්
.. මම
තෙපර බාමි.
සුදත්
විතරද?
නෑ
තව කෑල්ලක් තියෙනවා.
ඉතිං
කියන්න..
දේවප්‍රිය..
සුදත්
දේවප්‍රිය..
සිංදු
කියන්න පුළුවන්ද?
රගපාන්න?
මම
එදින ගීයක් කිව්වෙමි.
ටෝනි
රණසිංහයන්ව අනුකරණය කරමින්
කතා කලෙමි.
මිස්
නිහඩව සියල්ල ඉවසා සිටියාය.
පසුව
මහ හයියෙන් සිනාසුනාය.
මම
බියවී ඇය දෙස බලා සිටියෙමි.
ඇය
මා ප්‍රතික්ෂේප කලාද?
ඈ
සිනාසුනේ ඇයි?
මම
ඇය දෙස නිරැත්තර වි බලා සිටිමි.
කතාව
දැන්වත් කෙටි කල යුතුය.
අවසානයේ
සෝමලතා මිස් මාවද තෝරාගෙන
තිබුණි.
මා
මේ මුහුණ දුන්නේ රංගනයෙන්
දිගු ගමනක් යාමට තබන මුල්
පියවර යැයි මම සිතුවෙමි.
එහෙත්
සියල්ල බොදවිය.
සොන්තා
මිස් විසින් තෝරා ගත්තද ඇගේ
-කතන්දර
දෙකක්-
නාටකයේ
පුහුණු වීම් වලින් දින දෙකකින්ම
ඉවත් වීමට මට සිදුවිය.
ඒ
වෙනුවෙන් මාපිය අවසරය මට
නොලැබිණ.
ඔවුනට
හොර රහසින් මෙවන් ගමනක් තනිව
මා යාමද තහංචි පැන වීමට බොහෝ
සෙයින් බලපා තිබිණ.
පුංචි
අපට දැන් තේරෙයි නාටකයට එකතු
වීමට නොහැකි වීමෙන් මා ලද
දුක්ක දෝමනස්සයන් මෙතෙක්
යැයි මට කිය නොහැකි තරම් විය.
වයස
අවුරුදු 12
සිට
රගපාන්නට නොලැබීමේ පාපයෙන්
පෙලුනු මම උසස් පෙළ දක්වාම ඒ
දුක දරාගෙන සිටියෙමි.
කතන්දර
දෙකක් රට පුරා වේදකා ගත වුවද
මම එය බලන්නටවත් නොගියෙමි.
නාටකය
බැලුවේ නම් මට මා පෙලූ දුක
තවත් දරාගත නොහැකි වනු ඇත.
එහෙත්
එක් වරක් ලයනල් වෙන්ඩ් ශාලාවට
හොර රහසේම ගිය මම කතන්දර දෙකක්
බලන්නට උත්සාහ කලෙමි.
එය
දරාගත නොහැකි වුවෙන් විනාඩි
කිපයක් දැස් වසාගෙන වේදිකා
නළු නිළියන්ගේ ගැයුම් වැයුම්
පමණක් අසා ඉනික්බිති කාටත්
හොරා නැගිට ගෙදර ගියෙමි.
1981
වසර
උදාවිය.
සරසවියේ
සේවය කල සුසිල්
ගුණරත්නයන්ගේ නුඹ විතරක් තළ
එලලුයි නාටකයේ රංගනයට මාද
එකතු කර ගන්නට තරම් සුසිල්
අයියා නිහතමානී විය.
. මා
එහි සුළුම චරිතය වූ බේබද්දකු
ලෙස රගපෑවෙමි.
ඒ
අනුව සිංහල වේදිකාවේ එකම
දෙබසක්වත් නොමැතිව දර්ශණ 200
ක්
රගපෑ එකම නළුවා මම පමණක් යැයි
මම නොදනිමි.
එහෙත්
අප රට පුරා නුඹ විතරක්
රගදැක්වූවෙමු.
සෝමලතා
මිස්ද ලයනල් ප්‍රනාන්දු මහතා
සමග මෙම නාටකය නැරඹීමට පැමිණියාය.
එතුමිය
අප නළු නිලි කන්ඩායම සමග අල්ලාප
සල්ලාපයේ යෙදි සිට පිටව යනතුරු
තිරය පිටුපසට වි සැගව සිටියෙමි.
ඒ
ඇයිදැයි මම නොදනිමි.ඒ
එකල මගේ හැටි වන්නට ඇත.
සුසිල්
අයියා මගින් නැවත සොන්තා
මිස්ගේ අසපුවට යාමට මට හැකිවිය.
එකල
එතුමිය වැයම් කලේ විකෘති නමින්
අලුත් නාටකයක් කරන්නටය.
මමද
ඊට එක්විමි.
පුහුණුවේදී
මා සිටියේ
නර්තන
වෘන්ද කොටසේය.
අප
කෝරසය වීමු.
චාන්දනී
සෙනෙවිරත්න-
නිල්මිණී
සිගේරා-
සංජීව
දිසානායක-කෞෂී- ලාල් වනිගතුංග-
එරන්තිකා
ප්‍රනාන්දු -වික්‍රම සෙනෙවිරත්න-රෝහිත
කරුණාරත්න-රංජිත්
අමරසේන-
චන්න
මහේෂ් කුලරත්න ඒ අතර සිටියහ.
අප
පුහුණු වීමු.
වසර
03ක්ම
සිංහල වේදිකාවේ සිය දෙසිය
තුන්සිය වරක් රගපෑවද මා වේදිකා
නාටකයක මුල්ම දෙබස් ඛන්ඩය
කිව්වේ සොන්තා මිස්ගේ විකෘති
නිසාමය .මට
විකෘති නම් අමතක කල නොහැකි
තරම්මය.
(
විකෘති -මුල්වරට වේදිකා ගතවු හැටි-
ලබන
සතියට)
සුදත්
දේවප්‍රිය
No comments:
Post a Comment