Labels

Saturday, February 3, 2018

දෝණී.Sayuri..













සයුරක රළටත් වැඩි හයියක්
කොහෙන් ලැබුනාද නුඹට
අහස දිය කරන් අසනි වරැසා
ඇද හැලෙන විට නුඹේ උයනට



දොළොස් මහ පහන වී යසට
හිටියත් වරෙක දුක්මුසුව
අතමිට හිගව ගිය දිනෙක
උණුහුමකි දෝණී දිවි මගට

සද එළියත් ඇවිත් පුච්චනා විට
හිතින් බනිමින් මුව පුරා හිනැහෙන
සුළං සීනුවක් වාගෙයි නුඹෙ වැඩ ගොඩ
ජීවිතේ බර කරට ගත් දෝණි පුත

සටනකි දෙතොල මත තෙපලනා විට
පැතුම් පොදි පිරී ඉතිරෙනා හිත ලග
නිදා ගන්නෙ කොහොමෙයි දිගු රැයකි අද
මහන්සිය දැනේ නුඹ පතිකුලයි හෙට...












ඉතින් කන්ථක නුඹට වෙහෙසද ?
හෙලන්නෙපා කදුළක් ඔහෝමම
හිස නමන්නං නුඹෙ ප්‍රේමෙට
මියැදේවී ජීවිතේ මැදියම

ජීවිතේ දුක් ගගක් මහ දිග
ඉතිං නෑ කාටත් උත්තර
තරාදියකට දෑමූ හදවත
තබා යමි මේ දියෙන් එතෙරව

ජන්නයෙක්වත් නැතිව මාළිග
ගෙවුනු කාලය දරනු බැරිවම
හිත් තැලූ යසොදර කවියටම
නුඹත් ගොලුවුනු කණිසමකි මෙය

සත් පියුම් පිපුණාද ජන්මෙට
සත්කඩකි හිස මැරී උපදින
චන්ද්‍ර මණ්ඩල පිරිවරා මැද
අරැණැල්ල වී ඉදින් සකිසද

ඉතින් කන්ථක නුඹට වෙහෙසද ?
හෙලන්නෙපා කදුළක් ඔහෝමම....
කාටවත් නෑ ඉතින් උත්තර...











නගර- නත්තල්

පොළොං විස කකාරන
කනේරුම පූදින
විසල් මහ පුරවර
නත්තලට යුදගන

වැඩ කරන-වැඩ කියන
හුදී කන්තෝරැ ජන
ආතුරය මහා මග
සැණකෙලකි මහා ඝොර

තලා බත්කෙදි මාල
ගැහී ගැට වැල් නහර
හැපී කදු සුවිසාල
වියගහකි බරපාන

බෝගහ හන්දි පාමුල
විකිනෙනා ලංසුවට
කවි කියන ගිරවුන්ය
ලොතරැයි කූඩුමය

නත්තල් ලොතරැයි ගන්නෝ
හැමදාමත් දිනන්නෝ
ජීවිතයම එළිය කරන
සංවර්ධන මහා කයිය

ගසා මරු කරණමක්
කඩා බට විදුලියක්
කොටා බා තලු රසක්
පුතු බිළිදු සන්නියක්

ළපටි සුහුඹුල් පතුල
ඇදී ගුවනට ලඹට
කලු ගලකි ඒ මතද
ගවලෙනක පුතු සරඹ

තලා අත්පොඩි වැලක්
කරකවයි ඉග වරක්
දියණියකි හිරි මලක්
විකිණෙනා හැටි දුකක්

කපත දිවි පින්තාරු
තලත ගී කන්තාරු
මඩිත රතුවන් සාරු
කලද මුව බෙන්සාරු.

සුදත් දේවප්‍රිය

















කප්පරක් හීන මැද
නිහඩද ඉතින් ගගනත
තරුවක් කඩා වැටෙනවා
ගින්දර ගලයි රෑ යම

ඇහි පිල්ලමක් යටින්
මල් හැලෙයි කරැවලට
කලාවක් කොහිවේද එළියක
ඉලව්වකි හිත් රිදුනු මැදියම

ගුලි වුනත් කව් පදක් පපුවට
දුකදුරකි හැඩ කැපූ හිතකට
හී සරක් වාගේ රිදුම් දෙන
නිහඩ වදනකි බෝපතක් මත

කේතකී මල්වනේ පුරවර
රටා මැකෙනා සක්මනක් ලග
ජීවිතේ බර රිදෙන තැන්වල
දුක වුනත් මිහිරිමයි සකිසද










(ආචාර්ය ධර්මසේන පතිරාජා සහෘදයාණන් සමුගනී.)

චන්දරේ ඇවිත්....

ඉතින් අවසන්ද හේමන්ත නිද්‍රාව
සංසාර පුරාවට පින්තාරු වුනා හිත
තරුණ ඉත්තක හිතක දුකට පීදුනු කුසුම
දහස් ගව් දුර තමයි අහස් ගව් ගමන තව


චන්දරේ ඇවිදින් නිරිදුනේ නැගිටින්න
සොල්දාදුවෙක් හඩයි උන්නැහෙත් නාදුනන
බඹරු ඇවිදින් බලත් කුසුම් කොයි යාදින්න
නිදයි රන් පියාපත ඇසග සද නෑදින්න

සීතලම කදුළකට උණුහුමක් නැත අගේ
නාදුනන මීදුමක අහස් ගව්වක් නැගේ
පින්තාරු ජීවිතේ කියාදුන්නට අගේ
චන්දරේ අඩදැණිව සිඹිමි නළලත නුඹේ.

... sudath Devapriya















අදුරම ගලනා මැදියමක
කදුළකි දුක්බරම හීනයක
නිම්තෙරින් එබෙතත් සදවත
කල්පයක් කියන්නේ එක් දිනකට.    

ඇස් කොනින් නැගෙනා වැහි පොදම
හොයනවා තාම දේදුන්න මන්දාරමක
අත් ඇරුනු හිතකට මුරන්ඩුම දවසට
අත්වැරැද්දකි කවියකුට ප්‍රේමය.