සැළලිහිණිවත
තනිව බස් නැවතුමක
ජීවිතය හඩන විට
දැනෙයි මහ තනිකමක්
ඒක හරි පාළුවක්
සැළයාට පෙර දිනක
ලියූ පෙම් කවි පෙළම
තුරුළු කරගමි හදට
නොකියවුනු නාටකය
දුෂ්කරව තටු ගසමි
ටොරින්ටන් රවුම මත
ඔච්චම් කරනා අහසේ
වැහි පොදට තුරුළුව
එවිට පහලින් දකිමි
නියොන් එලි පුවරු මත
රමණයට අත වනන
රුප මානවික අංගන
නයන චතුරාවී
සිහින අප්සරාවී
පබළු මුතුමාලී
නියගලා කුමාරී
සුදත් දේව
No comments:
Post a Comment