Labels

Wednesday, May 11, 2016

එලි දක්නට පොරකන මගේ කවි පොතේ කවියක් -













අරවින්ද ගමට යයි

බැස බසයෙන් හනික 
එනවිට උපන් ගමට
ගිනිගෙන දැවෙයි ගං දොර
ටයර් සෑ පෙනෙයි හැමතැන

කැළෑ පාළුව පසුකර
සොල්දාදුවෝ පාබල
පීරති මහා මූකලානම
එලා ගන්නට සතෙක් නැතිවද

කොග්ගල දිය රැලි මුවග
හාදුදී පාවෙන මිනී නළලත
ඇසැර බැලුවා අමාවක සද
ඉවුර මත එයි යකඩ වාහන

තොටුපල ලග ඔරු කබල
ඉකිබිදී තනිව රහසින
තොටිය නුබ කොහි ගියෙද
හඩයි කොග්ගල කිරලාන

කෑ කෝ ගසා නඩුවට
විරසක වී ඉඩමට
ජූදස් නෑසියෝ එකතුව
පාවා දුනි තම උන්ම කුරුසෙට

ඔව් සර් ඇත්තයි
ඕකා නං සහතිකයි
උන් පන්ති තිබ්බා
අපේ ගං පන්සලේ
ආන් අර ගල්කුලේ

තබා උන් පේලියෙන්
සෙබල ඇස් මායිමෙන්
ගෝනිබිලි වේශයෙන්
ග්‍රාම පෝතක සීරුවෙන්

වැනී හිස හෙමිහිට
පැටවූ යනෙනා විට
විරිත්තා අවි කට
පිබී ගිනි එකවිට - -

වාවා ගත නොහැකිව
හැරුනේය අරවින්ද
අහෝ මේ මා උපන් ගමද

සුදත් දේව
LikeShow More Reactions
Comment

No comments:

Post a Comment