Labels

Wednesday, November 23, 2016



කළුතර බෝධිය ලග දියණියන් තිදෙනෙකු හා සිගා කෑ කතට උසාවියෙන් දඩ.දරුවන් පරිවාසයට.
මව වැළපෙයි.. -පුවතක්-


මද්දහන කළුතරට පිං පෙතක් කුදලාන
කළුගගේ දියදෑල වන්දනාවක තාම
ලාබ පිං ගනු බෙලෙන් කාසි කැට පුරවාන
මහතුනේ පිච්චියත් සුවකි දුක් මැඩලාන


පෝදාක උදැහැනේ බත් හුලක් හොයාගෙන
පිඩු සිගාවක ගියෙමි දු පැටව් වෙලාගෙන
සෙවණ දුන් බෝ හිමිට දෑත් වැද කියන සද
වරදකිය සිගමනද පාත්තර නැති කලට

පොළීසියෙ බණ මඩුව මතකයෙකි දම් ඇසුව
මෙලෙක් වූ සිතම බරවුනා ඒ තුන් පැයට
දූ පැටව් ගස් බැදන් ගෙනියනා සමයමට
උසාවියෙ දෙවගනත් නිදි තරාදිය නැතිව

පලාතම කළුවුනා පපුතුරේ දුක දැනී
සීලයත් හෙලවුනා බෝධියේ සුද මැකී
මුරුගසං වරුසාව ඇවිලුනත් මේ හැටී
දූ පැටවු නැති ගිනී සදා නිමනට බැරී

සුදත් දේවප්‍රිය

No comments:

Post a Comment