සිනමා ඇදුරු නිහාල්සිංහයන් මියගොසිනි
ඉර මල පණ ගසන ටොරින්ටන් පුරවරට
ඇවිද එමි සීරුවට ඔබ මතක සුව රැගෙන
යුහුබු කාචයේ ලග දැල් තිරය බැදෙන විට
නිරිදුනේ ඔබ ගොසින් නිශාවේ අහස මත
කුහුබුවන් මෙන් නොවෙන නාදුනන මුහුණු මැද
කොහොම යුද කලාදෝ රිදී තිර පටල මත
රිදී නිම්නයක දුක කියමි වැලි කතර ලග
නෙලා ගනු බැහැ දුරයි කියා දුන් ශිල්ප පෙර
ගිනියමින් දවාලන හිත නිවාගනු පිණිස
මුදු හදින් ලියන්නෙමි සෙනෙහසේ දිගු කවිය
කදු මතින් හිනැහේද රතු ඉරක් මතු දිනෙක
නිරිදුනේ සදකි ඔබ තරු පැටවූ එකලු කල
සුදත් දේව
No comments:
Post a Comment