තෙරියුම් කෝකිලා - කියවීමි
නිදි වරනා රැයට
නෙතග කදුළක් රැගෙන
රුවින් රුව නොදැකවම
ඉතින් නුඹ ඇවිදින්
නිදි නැති කැළණි හන්දියට
තෙරියුම් කෝකිලා - -
නෙතග කදුළක් රැගෙන
රුවින් රුව නොදැකවම
ඉතින් නුඹ ඇවිදින්
නිදි නැති කැළණි හන්දියට
තෙරියුම් කෝකිලා - -
තල් වැටෙි කන්න ගී
සත්පතිනී ගිහින්
කෝවලන් නුඹ හෙලන සුසුමන්
කියනවා මෙි හුළග ඇවිදින්
සත්පතිනී ගිහින්
කෝවලන් නුඹ හෙලන සුසුමන්
කියනවා මෙි හුළග ඇවිදින්
වෙඩි වැදුනු පාසල් බිත්තියට
හෝඩි අකුරක් ලියා එන්නට
තිරුවරන් නුඹ දුවන සද්දය
ඇහෙනවා මෙි මූදු හුලගට
හෝඩි අකුරක් ලියා එන්නට
තිරුවරන් නුඹ දුවන සද්දය
ඇහෙනවා මෙි මූදු හුලගට
මතක නිවසක බිත්ති අතගා
පරා අත්ලෙන් හැඩූ මතකය
තුරැලු කරගමි රුහිරු පපුවට
ක්‍රෙමටෝරියම බෝ ගසක් ලග-
පරා අත්ලෙන් හැඩූ මතකය
තුරැලු කරගමි රුහිරු පපුවට
ක්‍රෙමටෝරියම බෝ ගසක් ලග-
සුදත් දේවප්‍රිය
No comments:
Post a Comment