මීරා
නායර්-
ඉන්දීය
සිනමා කිවිදිය ගැන සටහනක්....
සිනමාව
යන්න පිළිබදව කතා කරන විට අපගේ
අසල්වැසි සිනමාව අපට කිසිදා
අමතක කල නොහැකි වෙයි.
කලක්
භාරතීය සිනමාව වශයෙන් විරුදාවලී
ලත් ඉන්දීය සිනමාව වර්තමානයේ
හදුන්වනු ලබන්නේ බොලිවුඩ්
සිනමාව යන නාමයෙනි.
බොලිවුඩ්
සිනමාව යනු මුළු ඉන්දියානු
සිනමාවම නොවුවද ජගත් සිනමා
ලෝකයම ඉන්දු සිනමාව බොලිවුඩ්
සිනමාව ලෙස හදුන්වන්නට තරම්
එකී සිනමාව ජනප්‍රියව පවතියි.
බොම්බේ
හෙවත් පසුව මුම්බායි නගරය
ඇසුරින් බිහිවූ හින්දි බොලිවුඩ්
සිනමාව තුල අපට අමතක කල නොහැකි
කාන්තා චිත්‍රපට අධ්‍යක්ෂිකාවන්
කිහිප පලක්ම සිටිති.
ඔවුන්
අතර විජය මේතා-ෆාරා
කාන්-අපර්ණා
සෙන්-දීපා
මේතා-මීරා
නායර් වැන්නෝ ප්‍රම්‍රඛ පෙලේ
අය ලෙසින් සලකනු ලබති .
මීරා
නායර් යනු මෙම කාන්තා සිනමා
කාරියන් අතරින් කැපී පෙනෙන
භූමිකාවක් හිමිකර ගත්
තැනැත්තියකි.ඇගේ
චිත්‍රපට වුවද අන් සිනමාක
කාරියන් අතරින් කැපී පෙනෙන
වෙනසකට සනිටුවහන් වෙයි.
එයට
හේතු වන්නේ ඇගේ නිර්මාණයන්
සියල්ලම ඉන්දීය කාන්තා
ප්‍රතිරූපය දෙස සානුකම්පිත
ලෙස දෘෂටිවාදීව බැලීම නිසා
බැව් සිනමා ඇදුරන්ගේ මතයයි
. මීරා
යනු සැබැවින්ම ඉන්දී්‍ය
කාන්තාව මුහුණ දෙන නේක දුක්
දෝමනස්සයන් දෙස යථාර්ථවාදීව
බැලූ නිර්මාණකාරිය යනු මගේ
හැගීමයි.
මීරා
නායර් සිනමාව නම් රන් දෙවොලට
පා තබන්නේද සිය හිරි මල් යොවුන්
වියත් සමගය. ඉන්දියාවේ
ඔඩිෂා ප්‍රාන්තයේ උපත ලබ ඇය
සිය උපන් ගෙයි ජීවත් වන්නේ
මද කලක් පමණි. ජයේ
වගකිව යුතු නිළධාරියකු වන
සිය පියාට ලැබෙන හදිසි රැකියා
මාරුවත් සමගම මීරා නායර්
පවුලටම දිල්ලි නුවරට යාමට
සිදුවන්නේ මීරාට වයස අවුරුදු
11 වනවිටදීය.
ඒ අනුව
17 වියේදී
සමාජවිද්‍යා උපාධිය හැදෑරීමට
දිල්ලි විශ්ව විද්‍යාලයට
ඇතුළු වන ඇය ඉංග්‍රීසි සාහිත්‍යය
සදහාද හපන්කම් දක්ව්න්ට ගනී.
එහි
ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ්
විශ්ව විද්‍යාලයට යාමට ඇ
සුදුසු කම් ලබයි. එහෙත්
එක්තරා දෛව්‍යවෝපගත සිදුවීමකින්
ඇයට යාමට සිදුවන්නේ ඇමරිකාවේ
හාවඩ් විශ්ව විද්‍යාලයටය.
හාවඩ්
යන මීරා එහිදී සමාජ විද්‍යාව
මෙන්ම සිනමා කලාව සදහාද යම්
නිමිත්තක පැටලෙයි.
හාවඩ්
තක්සලාවේදී බෙංගාලි නාට්‍ය
රචකයකු වන -බඩල්
සාකර්ගේ නාටය සදහා රංගනයෙන්
දායක වන මීරා ඉන් අනතුරුව
වේදිකාවේ පෙලහර පාමින්
සම්මානයන්ටද පාත්‍ර වෙයි.
ඇගේ
සිනමා චාරිකාව ආරම්භ වන්නේ
හාවඩ් විශ්ව විද්‍යාලයත්
සමගමය. ඇමරිකාවේ
සිටින සමයේදී මුලින්ම විත්ති
චිත්‍රපට කලාවට අත්පොත් තබන
මීරා නායර් - 1978 දී
- ජමා
මස්ජීඩ් ස්ට්‍රිට් ජර්නල්-
නමින්
සුදු සහ කඵ විතිත චිත්‍රපටයක්
නිර්මාණය කරයි. විනාඩි
18ක
ධාවන කාලයකින් යුත් මෙම
චිත්‍රපටය මගින් ඉන්දියාවේ
නාගරික මාවත් මත සංස්කෘතිය
විදහා පානු ලබයි. මීරා
මුල් වරට සිනමාකරණය සදහා
සම්මානයට පාත්‍ර වන්නේ 1982
දී -
සෝ ෆා
ෆ්‍රොම් ඉන්දියා - විත්ති
චිත්‍රපටය සමගිනි.
නිව්යොක්
නුවර මාවතක වෙසෙන ඉන්දියානු
පුවත් පත් වෙළෙන්දකුගේ ජීවන
චාරිකාව නිරූපණය කල මෙම
චිත්‍රපටය නිව්යෝක් සිනමා
උළෙලේදී හොදම විත්ති චිත්‍රපටයට
හිමි සම්මානය දිනා ගැනීමට
තරම් නිර්මාණශීලී කෘතියක්
වීය .

මීරා
නායර් වෘතාන්ත සිනමාකරණයට
අත් පොත් තබන්නේ 1988
වර්ෂයේදීය.
ඒ ඇය
විසින් නිර්මිත අති විෂිශ්ඨ
චිත්‍රපටයක් වන – සලාම්
බොම්බේ- සමගිනි.
ඉන්දියාවේදි
විත්ති චිත්‍රපට කරමින් සිටින
අතර තුර වීදියේදි මුණ ගැසුණු
ළමනුගේ ජීවන අත්දැකීම් දුටු
මීරා ඒ ඇසුරින් සිය මිතුරියක
වන සූනී තරාපොරෙවාලා සමග
එකතුව සලාම් බොම්බේ චිත්‍රපටයේ
තිර රචනය ලියන්නට පටන් ගනියි.
ඉන්
අනතුරැව බොම්බායේ වීදි දරුවන්
එකතු කර නාට්‍ය වැඩ මුළුවක්
පවත්වන ඇය ඒ තුලින් තම වෘතාන්තය
සදහා අවශ්‍ය නළු නිළියන් තෝරා
ගනියි.
සලාම්
බොම්බේට පාදක වන්නේ හද සසල
කරවන කතා පුවතකි. මෙහි
කතා නායකයා වන්නේ 14
හැවිරිදි
වීදි දරැවකු වන ක්‍රිෂ්ණායි.
සිය
සහෝදරා හා කුපිතවන ක්‍රිෂ්ණා
තම සොයුරාගේ බයිසිකලය ගිනි
තබා විනාශ කරයි. කෝපයට
පත්වන මව පවසන්නේ ඔහු නිවසින්
පිටව- වැඩ
කොට රුපියල් 500ක්
උපයා නැවත බයිසිකලය ගෙන මිසක
ගෙදර පස් පෑගීම නොකල යුතු
බවයි . ඒ
අනුව ක්‍රිෂ්ණා සර්කස් කන්ඪායමක්
හා වැඩ කරන අතර හදිසියේ ඔහුට
ඉන් ඈත් වන්නට සිදුවෙයි.
අසරන
වන ඔහු නොදැනීම බොම්බේ නගරය
කරා ඇදෙයි. නගරයේදී
ඔහු කලින් උපයා ගත් මුදල්
සොරැන් පැහැර ගන්නා අතර උන්
ලුහුබැද යන ක්‍රිෂ්ණා අනතුරුව
බොම්බායේ ග්රෑන්ඩ් දුම්රිය
පොළ අසල වාඩිලා ගනියි.
අබිසරුලියන්
වෙසෙන කුඩා තිප්පොලවල සේවය
සදහා තල්ලු වන ඔහු ඒ තුලින්
මහත් දුක් කන්දක් සිය පපු කුහර
මත තබා ගනියි. බාබා
නම් මත් ජාවාරම්කරුවකුටත්
ඔහු විසින් බලෙන් ගණිකා වෘත්තියට
ගෙන එනු ලැබූ -සෝලා
සාල්- නම්
රූමත් යව්වනියකටත් මැදිවන
ක්‍රිෂ්ණා එතැන් පටන් චායිපූ
නම් වෙයි. ඉන්දීයානු
බොම්බේ නගරය තුල කාණු පණුවකු
බවට පත්වන මේ චායිපු සමනල්
පැටවා පසුව සිය ව්‍යසනයන්ට
හේතුකාරක වූ නායකයන් සමග
ද්වන්ධ සටනකට මුල පුරයි .
එහෙත්
අවසානය අප සිතු තරම් සුබවාදි
නොවෙයි. ක්‍රිෂ්ණා
හෙවත් චායිපූ විසින් බාබා
ඝාතනය කරනු ලබන අතර ඡායිපු
පැන දුවන්නේ සිය ජීවිතය බේරා
ගන්නටයි.

-සලාම්
බොම්බේ - යනු
සැබැවින්ම අපූර්ව නිර්මාණ
ශක්ති ප්‍රතිභාවයකින් හෙබි
විස්මකාන්ත නිර්මාණයකි.
බොම්බායේ
වීදි දරුවන්ගේ අපරිමිත දුක්
කන්දරාවන් කරපින්නාගත් ළමාවියේ
ශෝකාලාපය හෙලිදරව් කරන සලාම්
බොම්බේ නරඹන කිසිවකුගේ දැසට
කදුළක් නොඉනුවේ නම් එය විශ්මයජනක
කරුණකි. අසුව
දශකය තුල ඉන්දියාවේ බිහිවූ
වඩාත්ම යථාර්තවාදි සිනමා
නිර්මාණය කුමක්දැයි කෙනෙකු
මගෙන් ඇසුවොත් මා පවසන්නේ එය
සලාම් බොම්බේ- බවයි.
සලාම්
බොම්බේ යනු සැබැවින්ම බොම්බේ
නගරයේ විදි දරුවන්ගේ සැබෑ
ස්වරූපයයි. එහි
රගපෑ ප්‍රධාන ළමා නළු ශෆික්
සයිඩ් ඇතුළු අන් දරුවන් සැබෑ
වීදි දරැවන්මය . මීරා
නායර් විසින් මේ දරැවන්
වීදියෙන්ම සොයා ගත් අතර
චිත්‍රපටය රූපගත කිරීමට මාස
කීපයකට පෙර සිට ඔවුන්ට රංගන
වැඩමුළුද පවත්වා තිබිණ.
මීරාගේ
සලාම් බොම්බේ චිත්‍රපට තිර
නාටකය ඇතුලත් ග්‍රන්ථයේ පෙර
වදනේ මේ පිළිබදව දිගු ලියවිල්ලක්
ඇත. මීරා
නායර් විසින් සිය දිනපොතේ
සටහන් නමින් ලියා ඇති මේ පොත
සිනමාවට ඇලුම් කරන සැම විසින්ම
කියවිය යුතු ග්‍රන්ථයකැයි
මම සිතමි.එය
මගේ පොත් රාක්කයේ තවමත්
පරිස්සමින් තබා ඇත.
චිත්‍රපටයක්
හෝ රූප ස්වරූප නිර්මාණයක්
කරන්නට යම් ඇරයුමක් ලද විට
මම මේ පොත නැවත කියවන්නෙමි.
එය ඒ
තරමටම සිත් ගන්නා සුළුය.
සලාම්
බොම්බේ - 1988 වසරේ
කාන් සිනමා උළෙලේ සම්භාවනාවට
පාත්‍රවූ සිනමා කෘතියක් විය.
කාන්
හි ප්‍රේක්ෂක සම්මානය දිනූ
හොදම චිත්‍රපටය වූවේ සලාම්
බොම්බේයි. එපමනක්
නොව කාන් සිනමා උළෙලේ ගෝල්ඩන්
කැමරා සම්මානය දිනාගැනීමටද
මෙම සිතුවම සමත් විය.
ඉන්දියානු
ජාතික සිනමා සම්මාන උළෙලේ
හොදම හින්දි චිත්‍රපටය ට හිමි
සම්මානය දිනු සලාම් බොම්බේ
එහි රගපෑ ප්‍රධාන වීදි දරැවා
වූ ෂෆික් සයිඩ්ට හොදම ළමා
නළුවාට හිමි සම්මානය ලබා දීමට
තරම් කාරුණික වූ කෘතියකි.
ඉන්දීය
ෆිල්ම් යෛාර් සම්මාන උළෙලේ
හොදම අධ්‍යක්ෂක ලෙස මිරා නායර්
සම්මානයට පාත්‍රවිය.
සලාම්
බොම්බේ ජගත් සිනමා උළෙලවලද
සම්මානයට ඉහලින්ම පාත්‍රවීය.
1989 ඇමරිකානු
ඇකඩමි සිනමා සම්මාන උළෙලේ
හොදම විදේශීය චිත්‍රපටයට
හිමි සම්මානය එයට හිමිවීම
මෙහිදී කැපි පෙනෙයි. ලොව
වටා විවිධ දනවත් රටවල ඉහලම
තාක්ෂණයෙන් පිරි චිත්‍රපට
හා තරග කල සලාම් බොම්බේ හොදම
විදේශීය චිත්‍රපටය ලෙස සම්මාන
දිනා ගැනීම සුළුපටු කරැණක්
නොවන්නකි.
මීරා
නායර්ගේ සිනමා වන්දනාවේ තවත්
සුවිශේෂී පියවරක් වන්නේ
-මිසිසිපි
මසාලා -චිත්‍රපටයයි.
1991 දී
නිර්මිත මෙහි කතා රචකයා වන්නේ
සලාම් බොම්බේට සම්මාදම් වූ
සූනි තාරාපොරවාලායි.
. අමරිකාවේ
වෙසෙන අප්‍රිකානු සහ ඉන්දීය
සම්භවය ඇති යුවළගේ ප්‍රේමය
වටා දිවෙන මිසිසිපි මසාලා
අති ජනප්‍රිය වූවකි.
මෙහි
කතා නායකයන් වෙසෙන්නේ උගන්ඩාවේයි.
ඉන්දියාවෙන්
බ්‍රිතාන්‍ය යුගයේ උගන්ඩාවේ
රේල් පාරවල් තැනීමට ආ පරම්පරාවකින්
පැවත එන ජේ සහ කින්නු සිය දියණිය
වන මීනා දසමග වෙසෙති.
එහෙත්
ඉඩි අමින් විසින් උගන්ඩාවෙන්
කළු අන්‍ය ජාතිකයින් පිටුවහල්
කිරීම නිසා ජේ පවුලටද ඇමරිකාවට
යාමට සිදුවෙයි. ඇමරිකාවේ
මිසිසිපි පෙදෙසේ පදිංචි වන
මෙම පවුල එහි කුඩා ව්‍යාපාරයක්
අරඹති. එහෙත්
සුරූපී මීනාට සරිලන සැමියකු
සොයා ගැනිම දෙමහල්ලන්ට අපහසු
කටයුත්තක් වෙයි. ඒ
සදහා ඔවුන් වටා ඇති සංස්කාතික
බැදිම් බලපානු ලබයි.
අවසානයේ
මීනා කාපට් සෝදන කම්කරැවකු
වන දිමිත්‍රියස් හා හාදවෙයි.
. එය ජේ
පවුල තුල මහත් කැලඹීම් හට
ගැනීමකට තුඩුදෙයි.
සංස්කෘතිය
නම් වූ ඔඩුදිවූ තුවාලයක ජීවත්වන
කළු ඇමරිකානුවන්ගේ ජීවන
තොරතුරු ඇතුළු කල -මිසිසිපි
මසාලා- සැබැවින්ම
අයස්කාන්ත සිනමා සටහනක් බව
පැවසීම අතිශෝක්තියක් නොවේ.
සැබෑ
ජිවන මංතලාවක වියැකෙන කළු
අප්‍රිකානු ඉන්දියානු පෙම්වතුන්ට
චිත්‍රපටය සමග අපද ඇලුම් වන්නට
පටන් ගන්නෙමු. එහෙත්
එවුනට සිය ආදර චාරාකාව ජයගැනීමට
ඇති බාධා බොහෝය. වර්ණවාදය-
වර්ග
බේදය පමනක් නොව එකිනෙකට වෙනස්
සංස්කාතික බැදීම් පුපුරුවා
හැරීම ලෙහෙසි පහසු කටයුත්තක්
නොවන්නකි. එහෙත්
ලොව මෙතෙක් මානව වර්ගයා විසින්
තේරුම් ගත් සකල ඉහලම බැදීම්
හැගීම් සමුදාය වන ප්‍රේමය
හමුවේ මෙම සංස්කෘතික බැමි
යනු තවත් කවරේදැයි මීනා නායර්
අපගෙන්ම ප්‍රශ්ණ කරයි..

-මිසිසිපි
මසාලා වෙනුවෙන් මීරා නායර්
කරට ගක් සංස්කාතික බර කන්ද
පහව යන්නේ එය ජගත් සිනමාවෙන්
ගරැ බුහුමන් ලැබිමත් සමගය.
1991 - 48 වන
වෙනිස් සිනමා උළෙලේ හොදම
අදියුරැ ලෙසත් හොදම තිර රචක
ලෙසත් මීරා නායර් සම්මාන
ලබන්නීය.
2001 වර්ෂයේදී
නිර්මාණය වන – මොන්සූන්
වෙඩින් - මීරා
නායර්ගේ සිනමා චාරිකාවේ තවත්
අනගි සිතුවමකි. ඉන්දියාවේ
පන්ජාබ් පවුලක් සිය දියණිය
වන අදිතිගේ විවාහ මංගල්‍යය
ඉහලින්ම සැමරීමට කටයුතු කරන
අතර ඒ සදහා ලොව විවිධ රටවල
වෙසෙන නෑ සියොතුන් පැමිණෙති.
දියණිය
අදිති විවාහ වීමට යන්නේ සතියකට
පෙර තමා විසින් හදුනාගත් අයෙකු
වන හේමන්ත් රායි සමගය.
විවාහයට
දින කීපයක් තබා අදිති තමා
මෙතෙක් සගවා ගත් රහසක් සිය
අනාගත සැමියා ඉදිරියේ තබයි.
ඒ ඇය
තමා සේවය කරන කාර්යාලයේ වැඩිමහල්
කෙනෙකු වන වික්‍රම්ට ආදරය
කරන බවයි. ඒ
ගැන ඇ පාපෝච්චාරණයක යෙදෙන්නීය.
හේමන්ත
මේ ගැන උරණ වුවද පසුව ඇගේ අවංකකම
ගැන සිතා සැනසෙයි. විවාහය
සිදුවන කාල පරාසය තුල විවිධ
ගැටුම් කුටුම්බය පුරා මතුවන්නට
පටන් ගනියි. එහෙත්
අවසානයේ සියල්ල අමතක කර දමන්නට
පවුලේ සැම සූදානමි බව පෙනෙයි.
ඔවුන්
සංගීකය හා නර්තනය සිය ජීවිතය
කරගෙන විවාහය සමරනු පෙනේ.
සරල
කතාන්දරයක් සේ පෙනුනද -මොන්සූන්
වෙඩින්- හි
ඇති අරැත් සුවපටු කල නොහැකි
වන්නකි. එය
ඉන්දීය පන්ජාබ් සංස්කෘතිය
තුල ගම්‍යව ඇති බොහෝ ගති
ලක්ෂණ-මති
මතාන්තර පිළිබදව කදිම විවරණයකි.
ඉන්
නොනවතින මීරා නායර් සිය සිතුවම
තුලින් මිනිස් සන්තානයේ ඇති
අපරිමිත හැගුම් සමුදායන් ගැන
ගැඹුරින් විමසා බලනු පෙනේ.
ඇය ඒ
සදහා මෙවර තෝරා ගන්නා ශෛලිය
අප මෙතෙක් සලාම් බොම්බේ තුලින්
දුටු පැහැය නොවේ. සරල
විනෝදාත්මක බවකින් දිවෙන ඇගේ
වියමන මතුපිටින් එසේ දිස්වුවද
එහි යටි අරුත් රැසකි.
-මොන්සූන්
වෙඩින්- චිත්‍රපටය
ඉන්දියාවේ අති ජනප්‍රිය වු
අතර ඇමරිකාව තුල ප්‍රේක්ෂකයින්
කුල්මත් කල චිත්‍රපටයක් ලෙස
සනිටුවහන් වෙයි. වරක්
ක්‍රචින් ටයිගර්- හිඩ්න්
ඩ්‍රැගන්- චිත්‍රපටය
වාර්තා කල ආදායම් වාර්තා හා
කරට කර තරග කල -මොන්සුන්
වෙඩින්- ඇමරිකාවේ
බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙලූ
ඉන්දීය චිත්‍රපටය වීය.
.
වෙනිස්
සිනමා සම්මාන උළෙලේ සම්මානයකට
පාත්‍රවීම ලෙහෙස පහසු කාර්යයක්
නොමවන්නකි. එය
එක්තරා ආකාරයකින් ප්‍රංශයේ
කාන් සිනමා සම්මානයක් තරමටම
බර වන්නකි. එයටත්
එහා දිවෙන්නකි. -මොන්සූන්
වෙඩින්- සම්භාවනාවට
පාත්‍රවන්නේ ද වැනිස් සම්මාන
උළෙලේදී වාර්තා තබමිනි.
වෙනිස්
සිනමා සම්මානයක් මුලින්ම
ඉන්දියාව දිනා ගන්නේ සත්‍යජිත්
රායි සිනමා වියතුන්ගේ -අපරාජිතෝ-
වෙනුවෙනි.
වෙනිස්
සම්මානය ඉතිහාසයෙන්ම දිනා
ගන්නා දෙවන ඉන්දීයානුවා වන්නේ
මීරා නායර්ය. මෙම
චිත්‍රපටය සිනමා උළෙලවල
ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට
පත්කල කෘතියක් බව කිව යුතුමය.
ඒ කෙසේද
යත් -මොන්සූන්
වෙඩින්- ඕස්ට්‍රෙලියාවේ
කැන්බරා සිනමා උළෙලේදීද හොදම
ප්‍රේක්ෂක අවධානය දිනූ චිත්‍රපටය
බවට පත්වෙයි.
මීරා
නායර් ගේ නවතම චිත්‍රපටය වන්නේ
“ක්වින් ඔෆ් කේටිවෙ“ සිනමා
පටයයි. . උගන්ඩාවේ
උපත ලබා දුගී පැලෙන් දුක දිනූ
ෆියෝනා චෙස් ක්‍රීඩිකාවකගේ
ජීවන චාරිකාව කියාපාන ‘කත්වේ
රැජින“ නමි වු සෙස සිනමා පටය
සැබැවින්ම අයස්කාන්ත නිර්මාණයකි.
මෙය
පසුගිය සැප්තැමිබරයේ ලොව
පුරා තිරගතවූ අතර එහි රගපෑ
ලුපිටා
නියොන්ගෝගේ රංල ලීලාවන් නොමදව
ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක්විය.ඒ
බව සිනමා වියතුන්ද කතිකා කලහ.
මේ
සියල්ල පසුපස මීරා නායර්ගේ
අති දැවැන්ත සෙවනැල්ල පතිත
වී තිබූ බව කිව යුතුමය.
මීරා
යනු සැබැවින්ම අපූර්ව සිනමාකාරියක
වීම එහි රහසයි.
මීරා
නායර් නම් මේ මාහැගි සිනමාකාරිය
සිය සිනමා ජීවිත වන්දනාවේ
නිමවූ තව බොහෝ චිත්‍රපට වෙයි.
ඒ සියල්ල
ගැන මා දන්නා යමක් ලියන්නට
තැත් කිරීම සරසවියේ වියත්
ලිපි වලට ඇති ඉඩකඩ ඇහිරීමකැයි
මට සිතෙයි. එහෙත්
අවසන් වශයෙන් මීරා ගැන කෙටි
සටහනක් තව එකතු කල යුතුය.
.. සිනමාව
ගැන ඇය උගත් අතීතයේ දුක් සුසුම්
ඇයට තවමත් අමතකව නැත.
ඇමරිකාවේ
නිව්යොක් නුවර කොලොම්බියා
විශ්ව විද්‍යාලයේ සිනමාව
ගැන මහාචාර්යතුමිය වුවද ඇය
තවමත් ඉන්දියාවේ දූවිල්ලෙන්
වැසුණු විදියක ඇවිද යන එදා
වේල සරි කරගන්නට වෙර දරණ භාරත
කතගේ හෘද ස්පන්දනය හොදින්
හදුනනන්නියමය. අඩු
මිලට සිනමා පියාපත් ඉල්ලන
යොවුන් ගැටයින් වෙනුවෙන් ඇගේ
නිවහනේ දොරකවුළු හැමදාටමත්
විවෘතය. ඉන්දියාවෙන්
නොනැවතුනු ඇය ඇමරිකාව හරහා
ගොස් අප්‍රිකානු ගැටවුන්ටද
තමා දන්නා දම් බෙදන්නීය.
උගන්ඩාවේ
කම්පාලා නුවර ඇය විසින් අරඹා
ඇති සිනමා පාසල් ව්‍යාපෘතිය
තුල අද දවසේද බොහෝ සිසුන් අවම
මිලක් යටතේ සිනමාව නම් වු මහා
රූප-ස්වරය
උගෙන ගනිමින් සිටිති.
ඉවත ලන
දෙයින් අවම මිලකට චිත්‍රපටයක්
තනන්නේ කෙසේදැයි යන රහස ඔවුන්
දැනගනිමින් සිටිති. එය
සැබැවින්ම තුන්වන ලොක්යේ
චිත්‍රපටකරැවන් වන අපටද මහත්
ධෛර්යයක් ගෙන දෙන්නකි.