Labels

Friday, May 13, 2016





සිනමා  ඇදුරු නිහාල්සිංහයන් මියගොසිනි 


ඉර මල පණ ගසන ටොරින්ටන් පුරවරට 
ඇවිද එමි සීරුවට ඔබ මතක සුව රැගෙන 
යුහුබු  කාචයේ  ලග දැල් තිරය බැදෙන විට
නිරිදුනේ   ඔබ ගොසින් නිශාවේ අහස මත 

කුහුබුවන්  මෙන් නොවෙන නාදුනන මුහුණු මැද 
කොහොම යුද කලාදෝ රිදී තිර පටල මත 
රිදී නිම්නයක දුක කියමි වැලි කතර  ලග
නෙලා ගනු බැහැ දුරයි කියා දුන් ශිල්ප  පෙර   

  ගිනියමින් දවාලන හිත නිවාගනු පිණිස 
මුදු හදින් ලියන්නෙමි සෙනෙහසේ දිගු කවිය
කදු මතින් හිනැහේද රතු ඉරක් මතු දිනෙක 
නිරිදුනේ සදකි  ඔබ තරු පැටවූ  එකලු කල 

සුදත් දේව     





Wednesday, May 11, 2016

එලි දක්නට පොරකන මගේ කවි පොතේ කවියක් -













අරවින්ද ගමට යයි

බැස බසයෙන් හනික 
එනවිට උපන් ගමට
ගිනිගෙන දැවෙයි ගං දොර
ටයර් සෑ පෙනෙයි හැමතැන

කැළෑ පාළුව පසුකර
සොල්දාදුවෝ පාබල
පීරති මහා මූකලානම
එලා ගන්නට සතෙක් නැතිවද

කොග්ගල දිය රැලි මුවග
හාදුදී පාවෙන මිනී නළලත
ඇසැර බැලුවා අමාවක සද
ඉවුර මත එයි යකඩ වාහන

තොටුපල ලග ඔරු කබල
ඉකිබිදී තනිව රහසින
තොටිය නුබ කොහි ගියෙද
හඩයි කොග්ගල කිරලාන

කෑ කෝ ගසා නඩුවට
විරසක වී ඉඩමට
ජූදස් නෑසියෝ එකතුව
පාවා දුනි තම උන්ම කුරුසෙට

ඔව් සර් ඇත්තයි
ඕකා නං සහතිකයි
උන් පන්ති තිබ්බා
අපේ ගං පන්සලේ
ආන් අර ගල්කුලේ

තබා උන් පේලියෙන්
සෙබල ඇස් මායිමෙන්
ගෝනිබිලි වේශයෙන්
ග්‍රාම පෝතක සීරුවෙන්

වැනී හිස හෙමිහිට
පැටවූ යනෙනා විට
විරිත්තා අවි කට
පිබී ගිනි එකවිට - -

වාවා ගත නොහැකිව
හැරුනේය අරවින්ද
අහෝ මේ මා උපන් ගමද

සුදත් දේව
LikeShow More Reactions
Comment



සැළලිහිණිවත 



තනිව බස් නැවතුමක
ජීවිතය හඩන  විට
දැනෙයි  මහ තනිකමක්
ඒක හරි පාළුවක් 


සැළයාට පෙර දිනක
ලියූ පෙම් කවි පෙළම
තුරුළු කරගමි හදට
නොකියවුනු  නාටකය 


දුෂ්කරව තටු ගසමි
ටොරින්ටන්  රවුම මත
ඔච්චම් කරනා අහසේ
වැහි පොදට තුරුළුව 


එවිට පහලින් දකිමි
නියොන් එලි පුවරු මත
රමණයට අත  වනන
රුප මානවික  අංගන 


නයන   චතුරාවී
සිහින අප්සරාවී
පබළු මුතුමාලී
නියගලා කුමාරී 

සුදත් දේව 




Tuesday, May 10, 2016


ඒඩ්ස්  කියා  කුලියාපිටිය සිසුවෙකුට  පාසැල  තහනම්  වෙයි -පුවතක් 




සිසු මවගේ යාදින්න



කප්පරක් හීනගෙන
නිදිවදින විට රැයක
මගේ නෙත බරවුනේ
තනි යහන දොඩමළුව

ශෝක  පණිවිඩ  රැගෙන
උලමාත්  ඉගිලුනා
නොකියාම ගියේ ඇයි රත්නේ - -

එයි  ඔයා දන්නවද
ඔයාටත් අර  ලෙඩේලු
කැළෑ පත්තර ඇවිත්
ඇන්ටනා  වයර් වල

ගෙන්දගම් පාසලත්
අපෙ කොලුට දෙන්නැලු
දිගම දවසත් ගෙවුනෙ
කුලියපිටි කලාපෙටම

සුදු ඇදුම් ඇද ණයට
අපිත් හිටියා එකට
ඉරත් ගිනි තියාගෙන
කඩා වැටුනා මටම

පුතාගෙ ඉස්කෝලෙ දැන්
ගඩොල් කැටයක් බිත්තියක්
අකුරු නොවිකිණෙන කඩපිලක්
හෙව්වා රත්නේ  මමත්

සදටත් දුක හිතිලද කොහෙද
ගලා හැලෙනවා මිදුලටම
දුක වැඩියි රත්නේ හිතට
ඔයා ගියේ මතක වස්තරත් නැතිව -

සුදත් දේව




 
 




















ආචාර්ය තිස්ස අබේසේකර මියගිය දින -



සොයන්නෙමි මම ඔබව
හිමිදිරි ගන මීදුම මැද
දිගු කලකට පසුව දුටුව
මහා නිරිදෙකු ලෙසින්

පපු කුහර කඩා එන
මහා වේදනාවෙන්
හඩයි කොලු ගැටයකු
ටොරින්ටන් වටරවුම  ලග
නෙගටිවූ  පටයක් ණයට ඉල්ලා

මා  වැනි බිළින්දා - -
අසන නීරිදෝ වෙන කොයින්දා --

සොයන්නෙමි මම ඔබව
ගම් දොරේ කඩපිලක
පිටගම්කාරයෝ ඇවිත්
නිරිදුනේ  නැගිටින්න
රුහිරු දා අලුව ගිය
වැලිකතර මැද රැයක
මහගෙදර ලොකුදුවක හඩයි
නිරිදුනේ  ඇහෙනවද

කාපිරි මුඩුක්කුවක හිද
ගැටයකු බසී එලියට
නිරිදුනේ ඇහෙනවද
ගෝරිං මුදලාලිගෙ ගෝරනාඩුව

සර් ආයෙමත්  ෆිල්ම් එකක් කරන්නෙ  නැද්ද
මගේ හොදම චිත්‍රපටිය තාමත් හැදෙනවා ළමයෝ

අරවින්ද බතී ප්‍රියදර සරෝජිනී
මල්වින්න කුමාරී
කීම හදනු කාරණා
නිරිදුන් ගොසින්
සුර  දූතයන් රැගෙන

සුදත් දේව  


 












වෙර දී පෑන්  තුඩට 
ලියන්නට  හැකි කිසිවක් 
සෙවීය ඔහු දෙනෙත 
රදවා අවට 


ලෝකයම කැරකී 
මොහොතකට නැවතී 
 තමා දෙස බලැතියි 
සිතීය  ඔහු 


කාලය ඉරා
හෝරා යතුර   හැඩලුනි 
ලියා තිබුණි එක් දෙයක්  කොලය මත 


මෙම කඩදාසිය ශ්‍රී ලංකා විබාග දෙපාර්මේන්තුව සතුය 
එය පිටතට ගෙන යාම සම්පුර්ණයෙන්  තහනම්ය 


සුදත් දේව